නාමල් උඩුගම, ප්‍රින්ස් උදය ප්‍රියන්ත හා නිරෝෂා විරාජනී මීට වසර 20කට පමණ පෙර ගායනයෙන් තරුණ හදවත් මුසපත් කර තිබූ බව නොරහසක්.
පසුව නාමල් උඩුගම විවාහ වුනේ නිළියක් වූ රුවන්ති මංගලා සමඟයි. නිරෝෂා විරාජනී තුන් වතාවක්ම විවාහ වූ නමුත් ඇය මේ වනවිට සිටින්නේ තනිකඩවයි.
1992 වසරේදී "සඳ කුමාරියක් දීගෙක යනවා" ගීතයත් සමඟ ජනප්‍රිය වූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත තවමත් අවිවාහකයි. නමුත් නිරෝෂා විරාජිනී සමඟ ඔහුගේ විවාහය දක්වා දුර දිග ගිය පෙම් සම්බන්ධයක් තිබූ බව ඔහු විසින් හෙළි කර තිබෙනවා.
හඳහනේ විවාහය ගැන මොනවද කියලා තියෙන්නේ?
මගේ කේන්දරේට ගැළපෙන ගෑනු ළමයි හොයන්න අමාරුලු. පමා වෙලා විවාහය කෙරේවි කියලත් කිව්වා. ගුරුවරියක් - වෛද්‍යවරියක් එක්ක විවාහ වෙයි කියලත් හඳහන් බලපු අය කිව්වා.
යුග ගීත ගායනා කරපු අය එක්ක සම්බන්ධකම් ඇති වුණේ නැද්ද?
චන්ද්‍රලේඛා, නිරෝෂා, ශෂිකා, සුභානි, දමිතා අබේරත්න එක්ක තමයි යුග ගීත ගායනා කරලා තියෙන්නේ. දමිතා එක්ක සම්බන්ධයි කියලා රාවයක් ගියා. ඒත් ඒක රාවයක් විතරයි.
නිරෝෂා විරාජිනී එක්ක ප්‍රින්ස්ගේ සම්බන්ධයක් තිබුණා නේද?
ඇත්තටම නිරෝෂා එක්ක සම්බන්ධයක් තිබුණා. ගෙවල් දෙකම කැමැත්තෙන් හිටියේ. ඒ නිරෝෂාගේ මුල් කාලේ. ඒ විවාහය කෙරෙයි කියලා හිතුවත් කෙරුණේ නෑ.
නිරෝෂාට ප්‍රින්ස් ආදරය කළා?
ඔව්.... ඒත් ඒ ආදරය විවාහයකින් කෙළවර වුණේ නෑනේ.
ඔබට සමකාලීනවම ක්‍ෂේත්‍රයට ආ නාමල් උඩුගම නිළියක් විවාහ කරගත්තා. අද නාමල් දරු පවුලක් එක්ක සතුටින් ඉන්නවා. හිතෙන්නේ නැද්ද නාමල් වගේ විවාහ වුණා නම් හොඳ බව?
එහෙම හිතිලා තියෙනවා. නාමල් මට වඩා අවුරුද්දක් විතර ප්‍රවීණයි. එයා විවාහ වෙලා හොඳින් ඉන්න එක ගැන මම සතුටු වෙනවා.

1 comment:
good news
Post a Comment